අර්ධකාලීන රැකියාවක් යනු පූර්ණකාලීන රැකියාවකට වඩා අඩු පැය ගණනක් නිරත විය හැකි රැකියා ක්‍රමයකි. සතියකට පැය 30 හෝ 35 කට අඩුවෙන් සේවයේ යෙදෙන අය අර්ධකාලීන සේවකයින් ලෙස සැළකේ.
පාසැල් හැරගිය අය, උපාධි අපේක්ෂකයින්, පශ්චාත් උපාධි සිසුන්, ගෘහිණියන්, වෘත්තිකයින් (නීතීඥයින්, කථිකාචාර්යවරුන්, ඉංජිනේරුවන්, වාස්තුවිද්‍යාඥයින් ආදීන්), පාසැල් ගුරුවරුන්, රජයේ සේවකයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා විශ්‍රාමිකයින්. තම සේවා කාලයෙන් බැහැරව වැඩ කළ හැකි අය, හදිසි මුදල් අවශ්‍යයතාවයන් ඇති අය. වෙනස් වෙනස් කර්මාන්ත ක්ෂෙත්‍රවල වැඩ කිරීමට ලැදියාවක් දක්වන අය, පුහුණු/නොපුහුණු ශ්‍රමිකයින් (මිකැනික් වරුන්, රියැදුරන්, ජලනල කාර්මිකයින් ආදිය)
parttimejobs.lk යනු අර්ධකාලීන රැකියා ප්‍රවර්ධනය සඳහා වූ මෙරට ප්‍රථම හා එකම වෙබ් අඩවියයි. සේවායෝජකයින් හා සේවාදායකයින් එකතු කිරීමේ අවස්ථාව සලසයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුල අර්ධකාලීන රැකියාවන්හි යෙදීමේ සංස්කෘතියක් හඳුන්වා දීමට හා නිර්මාණය කිරීමට දායක වෙයි.
parttimejobs.lk යනු ශ්‍රී ලංකාව තුල අර්ධකාලීන රැකියා සඳහා සියයට සියයක් ම වෙන්වූ වෙබ් අඩවියකි. ජනාධිපති මහ ලේකම් කාර්යාලය යටතේ පවතින ශ්‍රී ලංකා පදනම් ආයතනය සමග අත්වැල් බැඳගෙන ඇති හෙයින් සේවායෝජකයින් හා සේවාදායකයින් තුල ඇති විශ්වාසය තහවුරු වෙයි. මෙය හුදු වෙබ් අඩවියක් පමණක් නොවන අතර සමාගම් සමග කතිකා කිරීම මගින් ශ්‍රී ලංකාව තුල අර්ධකාලීන රැකියා බිහි කරවයි. ඒ අතරම ජාත්‍යන්තර සම්බන්ධතා මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයින් ට මාර්ගගතව සේවය කළ හැකි රැකියා අවස්ථා ඇති කරයි.
එපමණක් නොව සේවායෝජකයින් ට හා සේවා දායකයින් ට ප්‍රයෝජනවත් වන ලෙස වෙළඳපොල නැඹුරුවකින් යුත් නවීනතම තාක්ෂණය හා විවිධ උපාය මාර්ග උපයෝගිකර ගනියි.
අමතර මුදලක් උපයාගත හැකිවීම, විවිධ කර්මාන්ත සඳහා සේවය කිරීමට ලැබීම හා ඔබේ අමතර කාලයට අගයක් ලබාදීම.
අවම සේවා නියුක්ති පිරිවැය, නීතිමය බැඳීම් නොමැතිවීම, වැඩ ප්‍රමාණය වැඩිවන හා අඩු වනවිට සේවකයින් බඳවා ගැනීම හා අස් කිරීම වෙනුවට අවශ්‍යය විට අමතර සේවා ලබා ගැනීමටත් වැඩ ප්‍රමාණය අඩු වනවිට සේවා නැවැත්වීමටත් ඇති හැකියාව.
parttimejobs.lk යනු සේවා යෝජකයින් හා සේවා දායකයින් එකිනෙකා සමග සම්බන්ධ කිරීම සඳහා වූ මාර්ගගත බාහිර රැකියා වේදිකාවකි. ඒ අනුව parttimejobs.lk මගින් සේවා යෝජකයින් ට තමන්ට ගැලපෙන ඉල්ලුම්කරු සොයා ගැනීමටත් සේවා දායකයින් ට තම හැකියාව ට සරිලන රැකියාවක් සොයා ගැනීමටත් අවස්ථාව සැලසේ.
ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ගැලපෙන විවිධ ගෙවුම් පැකේජ ක්‍රියාත්මක වෙයි. මසකට රුපියල් 300 තරම් මිල අඩු සාමාජික පැකේජ ඇත.
ඉතාමත් සරලය. ඔබගේ ඊමේල් ලිපිනය, නම සහ මුරපදය සපයන්න. ඉන්පසු ඔබේ පැතිකඩ යාවත්කාලීන කරන්න. අවශ්‍යයවේ නම් අදාල ගෙවීම් කරන්න.
ඔබේ කාර්ය සඳහා අවශ්‍යය විශෙෂඥයින් සොයා ගතහැකිවනු ඇත. දිගු කාලීනව ඔවුනට ගෙවිය යුතු නැත. ඔවුහු අර්ධකාලීන සේවකයෝ වෙති. ඕනෑම අවස්ථාවක වැඩ පටන් ගතහැකි සේවකයින් දහස් ගණනක් ඇත! ඔබ කළ යුත්තේ සේවායෝජකයෙකු ලෙස ලියාපදිංචි වී ඔබගේ ව්‍යපෘතිය ලියා එවීම පමණි. මෙය නොමිලේ සේවාවකි.
ඔබට අර්ධකාලීන රැකියා දහස් ගණනක් සොයා ගත හැකි වනු ඇත. දැන්ම ම ආරම්භ කර අමතර ආදායමක් ලබා ගන්න. ඔබ කළ යුත්තේ සේවා දායකයෙකු ලෙස ලියා පදිංචි වී ඔබේ හැකියාවන් ට ගැලපෙන රැකියාවක් සොයා ගැනීම පමණි.
parttimejobs.lk රැකියා සැපයීම නොකරයි. නමුත් ඔබට රැකියාවක් සොයා ගැනීමේ පද්ධතියක් සපයයි.
ඔබ රැකියාවක් සඳහා හෝ ව්‍යපෘතියක් සඳහා සේවකයින් ඉල්ලූ විට ඔබේ සේවා යෝජකයාට හෝ සේවා දායකයාට පණිවුඩයක් යැවිය හැකි වෙයි.
අපි ඔබගේ ඊමේල් ලිපිනය භාවිත නාමය ලෙස යොදා ගන්නෙමු. එය ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැක. නමුත් වෙනස් කළ සෑම විටෙකම එය සනාථ කිරීමට අමතක නොකරන්න.
අනිවාර්යයෙන්ම, ඔබේ ගිණුමේ ඕනෑම විස්තරයක් ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැක. ඔබේ ඊමේල් ලිපිනය හෝ දුරකතන අංකය වෙනස් කළ සෑම විටෙකම එය සනාථ කිරීමට අමතක නොකරන්න.
සේවා යෝජකයාණෙනි - කළින් දැනුම් දීමකින් තොරව අපි ඔබේ ගිණුම පියවා නොදමන්නෙමු.
සේවා දායකයාණෙනි - ඔබ ඔබගේ ගෙවීම් අලුත් නොකළහොත් ඔබගේ ගිණුම වසා දමනු ඇත. නමුත් ගෙවීම් කළ විගසම එය ක්‍රියාත්මක වනු ඇත.
සේවා යෝජකයාණෙනි - ඔබ කිසිදු ගෙවීමක් කළ යුතු නැත.
සේවා දායකයාණෙනි - ඔබ සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුවේ. ඔබ ඉල්ලුම් කරන පහසුකම් අනුව එම මුදල වෙනස් වේ.
ඔබට Ez cash, Paypal හෝ බැංකු මාර්ගයෙන් ගෙවිය හැක. ගෙවීම් පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න.
අප බාරගනුයේ ඇමෙරිකානු ඩොලර් හෝ ශ්‍රී ලංකා රුපියල් ගෙවීම් පමණකි.
Paypal, Ez cash, බැංකු තැන්පතු හා mcash ගෙවීම් බාර ගැනේ.
ලියා පදිංචි වීමේ දී මෙන්ම Ez cash, Paypal හෝ බැංකු මාර්ගයෙන් ගෙවීමෙන්. ඔබගේ ගිණුම් වර්ගය අනුව අදාල දැනුම්දීමක් කරනු ලබයි.
නැත. අප ඔබට ගෙවන්නේ නැත. සේවා යෝජකයා ඔබේ ගෙවීම කරනු ඇත.
ඔබ පැවරූ කාර්ය නිම කළ පසු ගෙවීම් ලැබෙනු ඇත. කාර්යය පැය ගණන අනුව නම් ඔබ වැඩ කළ පැය ගණන අනුව ගෙවීම් ලැබේ. එමෙන්ම මෙම ගෙවීම රඳා පවත්නේ ඔබ හා සේවා යෝජකයා අතර ඇතිකර ගත් ගිවිසුම අනුවය. වැඩි විස්තර සඳහා ඔවුන් අමතන්න.
නැත. ඔබ හා සේවා යෝජකයා අතර ගනුදෙනු සඳහා අප වගකියනු නොලැබේ. මතක තබා ගන්න, අප සිදුකරන්නේ ඇබෑර්තුවක් පළ කිරීම සඳහා ඉඩකඩ සැපයීමත් ඒ රැකියාව ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීමත් පමණි.
සත්තකින්ම, එකම ඊමේල් ලිපිනයකින් ඇතුල්වන්න. එහෙත් සේවා යෝජකයා හා සේවා දායකයා වශයෙන් වෙන වෙනම ගිණුම් දෙකක් අරඹන්න.
ඔබේ අවශ්‍යයතාවයට ගැලපෙන අර්ධ කාලීන සේවකයින් සොයා බලා ඔවුන්ට ඔබේ ව්‍යපෘතිට ආරාධනා කළ හැක. එමෙන්ම ඔබ රැකියා අවස්ථා පළකළ විට සේවා දායකයින් ඊට ද ප්‍රරවතිචාර දක්වනු ඇත.
ඔබේ හැකියාවන්ට ගැලපෙන ව්‍යපෘතීන් සොයා බලා ඉල්ලුම් කරන්න. සේවා දායකයින්ගේ අවශ්‍යයතාවන්ට ඔබේ හැකියාවන් ගැලපේ නම් ඔවුන් ඔබට ආරාධනා කරනු ඇත.
“Unsubscribe your account” පිටුවෙහි ඔබගේ භාවිත නාමය හා මුර පදය ඇතුලත් කිරීමෙන් ඔබට ඉවත් විය හැක. ඔබේ පැතිකඩ පිටුවේ මේ සඳහා සන්ධානයක් ඇත.